About Us

21 වන උචිත මානව සම්පතක් ගොඩනැගීම සදහා පාසල් පද්දතිය තුළ තිබෙන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමය උඩු යටිකුර කළ යුතු ය. දැනුම වපුරන ඉගැන්වීම් ක්‍රම හා දැනුම වනපොත් කරණ ඉගෙනුම් ක්‍රම වෙනුවට නිර්මාණශීලීත්වයෙන් හා තාර්කික චින්තනයෙන් අනූන, සන්නිවේදන හැකියා සහිත සහයෝගයෙන් වැඩ කළ හැකි අභියෝගවලට මුහුණදීමේ ශක්තිය ඇති, උද්පාදන හැකියාව ඇති දරු පරපුරක් පාසල් පද්දතිය තුළ ගොඩ නැංවිය යුතු ය.

ජීව ගුණයන්ගෙන් යුතුව පාසල් පද්දතිය කරා ඒන නැවුම් සාරවත් දරු කැල, විභාග භීතිකාවෙන් හෙම්බත් නොකර, අවස්ථාවන්ගෙන් අනූන වූ නුතන ගොළිය සමාජය තුළ තම අනන්‍යතාව ගොඩනගා ගනිමින් ජීවිතය ජයගැනීම සදහාත් මානව සමාජය සුවපත් කිරීම සදහා දායක කරවීමටත් හැකි වන පරිදි පළමු වසරේ සිට සංවර්ධනය කළ යුතු ය.

දේශණ ක්‍රමය වෙනුවට ගැටළු විසදීම මුල් කර ගත්  නිර්මාරෑපි ඉගැන්වීම් ක්‍රම ඔස්සේ දරැවන්ට නිර්මාණශීලීව සිතන්න, දැනුම ගොඩනගන්න, අලුත් දෙයක් කරන්න,  අලුත් දෙයක් ඉදිරිපත් කරන්න වෙදිකාව සකසන ඉගෙනුම් අවස්ථා ගොඩ නැංවිය යුතු ය. ඉලක්ක කරා හඹා යාමටත් තමාගේ සාර්ථකත්වයෙන්ම උපස්ථම්බනය වෙමින් මුල් ළමාවිය සංවර්ධන මධයස්ථානයේ සිටම සෑම අධ්‍යාපන අවධියකදීම දරැවාට උචිත හා ඔරොත්තු දෙන පරිදි ප්‍රභාශ්වර වීමට අවස්ථාව ලැබෙන ආකාරයට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම සකස් විය යුතු ය.

කොරෝනා වෛරස් තත්ත්වය නිසා මුළු ලෝකයම හුදකලා කරමින් සාමාන්‍ය පන්ති කාමර ලොක් ඩවුන් කර ඇති මෙහොතක ඒම ව්‍යසන පරිසරයම නිර්මාණශීලි නැවුම් ප්‍රවේශයකට තෝතැන්න කර ගනිමින් මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන ඒයි.

දරු පරපුර 21 වන සියවසට උචිත නිපුණතාවන්ගෙන් හෙබි මානව සම්පතක් කිරීම සදහා මුල් ළමාවිය අධ්‍යාපනයේ සිට උසස් පෙළ දක්වා සමස්ත පාසල් විෂයමාලාවට අදාල පාඩම් මෙම වෙබ් අඩවියේ ගොණු කිරීමට අපේක්ෂිත ය.

සාම්ප්‍රදායික දේශණ ලෙස නොව  නිර්මාරූපි ඉගෙනුම් අත්දැකීම්  ඔස්සේ සකස් වුනු කියාකාරකම් තුළින් දරැවන්ගේ කුසලතා විකසිත වන පරිදි පාඩම් ඉදිරිපත් කෙරෙනු ඇත. ඒ් සදහා ගුරැ පරපුර නිපුණතාවන්ගෙන් සන්නද්ද කෙරෙනු ඇත.

පන්ති කාමරයේ ඉගෙනුම් ඉගැන්වීම් වල ගතානුගතිකත්වය බිද හෙලීම සදහා දශක ගණනාවක් පුරා අභීත සටනක නියැලෙන දේශමාන්‍ය ආචාර්ය අයි. ඒල්. ගිණිගේ මහත්මිය නිර්මාරූපි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේද ඔස්සේ පාසල් විෂයමාලාවට අදාල පාඩම් සකස් කිරීම සදහා ඔබගේ නිපුණතා දියුනු කරණු ඇත. නිර්මාණශීලි ඔබගේ පාඩම් දුවා දරැවන් වෙත ප්‍රවේශ කිරීම සදහා මෙම වෙබ් අඩවිය සැදී පැහැදි සිටියි. මාතෘභුුමියේ දුවා දරැවන්ගේ හෙට දවස යහපත් කරවීම්ට පෙරම් පුරණා සැමගේ දායකත්වය මේ කටයුත්තේ සාර්ථකත්වය සදහා මුසු වනු නො අනුමාන යි.

සමස්ත දරු පරපුරම මෙම නිර්මාණශීළි පාසල තුුළින් තම නිපුණතා සංවර්ධනය කර ගනිමින් ද තම හැකියා ප්‍රදර්ශණය කරමින් ද අනාගත ලෝකය තුළ තම මෘද්‍රව සනිටුහන් කරනු හැකි වන පරිදි තම නිපුණත්වයන් වර්ධනය කර ගනු ඇත.